Home Hit 2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය...

2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය අද

193

2020 විසර්ජන පණත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය අද පැවැත්වෙනවා.

පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා එය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කරන්නේ.

අද දිනයේ දිවා භෝජනය සඳහා කාලය වෙන් කිරීමකින් තොරව විසර්ජන පණත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙනවා.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව හෙට දිනයේදී විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.

විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන එම සභාව කල්තැබීමේ යෝජනා පිළිබඳ විවාදය හෙට පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය දින 19 ක් විවාදයට ගැනෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here