Home Coronavirus 2020 “පෝට් සිටියේ කොරෝනා ආසාදිතයන් නෑ” – CHEC

“පෝට් සිටියේ කොරෝනා ආසාදිතයන් නෑ” – CHEC

367

2020 නොවැම්බර් 11 දින, චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC) විසින් සිදු කරන කොළඹ 13 කොටහේන ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙනත් ව්‍යාපෘතියක සේවය කරන අතරතුර කොළඹ පොර්ට් සිටි ඉදිකිරීම් පරිශ‍්‍රයේ පිහිටි නවාතැන් ස්ථාන වලින් එකක තාවකාලිකව නවාතැන් ගෙන සිටි ශ‍්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකුට සහ චීන ජාතික සේවකයන් සිව් දෙනෙකුට කොවිඩ් -19 රෝගය වැළඳී ඇති බව තහවුරු විය.

සමාගමේ කාර්ය මණ්ඩලය තුළ නිරන්තරව සිදු කරන අහඹු පී.සී.ආර්. පරීක්ෂාවක දී මෙම පුද්ගලයන්ට රෝගය ආසාදනය වී ඇති බව හඳුනාගනාගෙන තිබේ.

එම පුද්ගලයින් භාවිත කරන ලද නවාතැන් පොල අදාළ කොටහේනේ ව්‍යාපෘතියේ සේවය කරන්නන් විසින් පමණක් යොදා ගන්නක් වන අතර, එම පුද්ගලයන් කොළඹ වරාය නගරය ව්‍යාපෘතියේ සේවය කරන්නන් නොවන බව සමාගම CHEC සමාගම නිවේදනය කරයි.

එම පුද්ගලයන් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු හෝ එහි සේවකයන් සමග කිසිදු සම්බන්ධතාවක් පවත්වා නොමැති බවද සමාගම පවසයි.

මෙම ආසාදිතයන් වාර්තා වීමත් සමග, අදාළ නවාතැන් ස්ථානය හුදෙකලා කරන ලද බවත් ඊට ඇතුළු වීම හා ඉන් පිටවීම සීමා කර ඇති බවත් සමාගම නිවේදනය කරයි.

දැනට රජයේ පවතින මාර්ගෝපදේශ අනුව පරිශ‍්‍රයේ නවාතැන් හා අනෙකුත් ස්ථාන විෂබීජහරණය  කළ බවත් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු කොවිඩ් පළමු වසංගත අවධානමෙන් පසු දෛනිකව ක‍්‍රියාත්මක වීම ආරම්භ වූ දා සිටම, ව්‍යාපෘතියට සේවයට වාර්තා කිරීමට පෙර සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් පී.සී.ආර්.

පරීක්ෂණ වලට ලක්කරන ලද අතර, අඛණ්ඩව අහඹු පරීක්ෂණද සිදුකරන බව සමාගම දන්වයි. මේ දක්වා එම පරීක්ෂණ වලින් පෝට්සිටි කාර්ය මණ්ඩලයේ හෝ වැඩබිම් සේවක කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බවද සමාගම පවමයි.

පසුගිය මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාව තුළ මුලින්ම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වූ අවස්ථාවේ සිටම රජයේ මාර්ගෝපදේශ වලට අනුකූලව, හැකි අයුරින් ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන අතරම රෝගය පැතිරීමේ ඉඩකඩ අවම කිරීම සඳහා දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට පොර්ට් සිටි සමාගම පියවර ගෙන ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

තාවකාලික නවාතැන් ස්ථාන වල සිට සේවකයන් ඉදිකිරීම් පරිශ‍්‍ර වෙත ප‍්‍රවාහනය කිරීම සඳහා විශේෂ ප‍්‍රවාහන විධිවිධාන යෙදීම වැනි ක‍්‍රම ඔස්සේ, බාහිර සේවකයන් හා පෝර්ට් සිටි කාර්ය මණ්ඩලය අතර සම්බන්ධතා ඇතිවීමේ ඉඩකඩ අවම කළ බවද ඔවුන් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here