Home Hit “මේ අයවැයෙනුත් ඒ විශ්‍රාමිකයන්ට සත 5ක් වෙන් කරලා නෑ” – විජිත හේරත්

“මේ අයවැයෙනුත් ඒ විශ්‍රාමිකයන්ට සත 5ක් වෙන් කරලා නෑ” – විජිත හේරත්

482

2016 සිට 2020 දක්වා ගෙවුණු කාලය තුල විශ්‍රාමිකයන්ට හිමිවිය යුතු සියළු දීමනාවන් අත් හිටුවා ඇති බවත් මෙවර අයවැයෙන්ද කිසිඳු ඔවුන්ට සහනයක් හිමි නොවී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

ඒ අද (12) දින පාර්ලිමේන්තුව අමතමින්.

රජය විසින් බලයට පත්වූ වහාම ඊට අදාල චක්‍රලේකය අහෝසි කර 2020 ජනවාරි මස 20 වනදා නව චක්‍රලේකයක් මගින් රාජ්‍යසේවකයන්ගේ සියලු දීමනා වහාම අත් හිටවූ බවත් අද වන විට මෙම අවුරුදු 5ක කාලය තුල විශ්‍රාමගොස් ඇති 118,000ක පිරිසකට සිය විශ්‍රාම වැටුප අහිමි වී ඇති බවත් හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකවරයාත් ඒ අතර සිටින බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

“මං හිතුවා මේ අද ඉදිරිපත් කරපු අයවැයේ ඒ විශ්‍රාමිකයන්ට සහනයක් තියෙයි කියලා. සත 5ක් ඒ වෙනුවෙන් වෙන් කරලා නෑ” යැයි ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here