Home Coronavirus 2020 ‘ජීවත් වෙලා සිටින අයගේ ජීවිත මියගිය දේහයක් නිසා තර්ජනයට ලක් කළයුතු නෑ’...

‘ජීවත් වෙලා සිටින අයගේ ජීවිත මියගිය දේහයක් නිසා තර්ජනයට ලක් කළයුතු නෑ’ – මහාචාර්ය මෙත්තිකා විතානගේ

1642

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිලිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසනවා.

මෙම වෛරසය අප ජලයේ ඇති බවට මෙන්ම ඇළමාර්ග වැනි ස්වාභාවික ජලයේ තිබී හමුවී ඇති බව ලොව පුරා සිදුකළ පරීක්ෂණවලදි දැනටමත් තහවුරු වී ඇති බවයි ඇය පවසන්නේ.

මේ අනුව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳ ශ‍්‍රී ලංකාව තුලදී ද, විශේෂ සොයා බැලීමක් සිදුකල යුතු බව ඇය සඳහන් කරනවා.

සෙසු රටවල තත්ත්වය හා ශ‍්‍රී ලංකාවේ තත්ත්වය වෙනස් බැවින් වෙනත් රටක් අනුගමනය කරන ක‍්‍රමවේද මෙරට තුළ එලෙසින්ම කි‍්‍රයාත්මක කළ නොහැකි බවයි මහාචාර්යවරිය පැවසුවේ. ඇය පෙන්වා දෙන්නේ මෙරට භූගත ජලය පොළව මට්ටමේ සිට ඉතා සීමිත ගැඹුරකින් පවතින බවට තහවුරු වී ඇති බවයි.

දැනට කොරෝනා හේතුවෙන් මිය යන මළ සිරුරු ආදාහනය කිරීමට ගෙන ඇති තීරණ කිසිඳු ආගමික හේතුවක් මත නොව විද්‍යාත්මක පදනමක් මත ගෙන ඇති බව ය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදිතය මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරය ආශි‍්‍රතව පැය 14 කට පසුව කළ පශ්චාත් මරණ පරීක්ෂණයකදී ද වෛරසය එම මෘත ශරීරයේ තිබී ඇතැයි හඳුනාගෙන ඇති බවත්, එබැවින් පුද්ගලයෙකු මියගිය සැනින් වෛරසය විනාශ නොවන බවත් පැවසිය හැකි බවයි.

මේ හේතුවෙන් මළ සිරුරු භූමදානය කළහොත් ජලය ගලාගෙන යාමේදී ජලයට මෙම වෛරසය මුසුවෙන්න පුළුවන් කියලා විශාල සැකයක් පවතින බවද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

කොරෝනා වයිරසයේ ස්වභාවය වෙනස් වන සුළු බැවින් අනවශ්‍ය අවධානම් තත්වයන් නොගෙන ජීවත්ව සිටින අයගේ ජිවිත මියගිය දේහයක් නිසා තර්ජනයට ලක් කළයුතු නොමැති බව මහාචාර්ය මෙත්තිකා විතානගේ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය

පෞද්ගලික යූ ටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. එම සකච්ඡාව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here