Home Coronavirus 2020 PCR පරීක්ෂණ කරන්නැයි ඉල්ලා බෝගම්බර රැඳවියන් පිරිසක් විරෝධතාවක

PCR පරීක්ෂණ කරන්නැයි ඉල්ලා බෝගම්බර රැඳවියන් පිරිසක් විරෝධතාවක

227

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් එහි වහලය මත නැගී විරෝධතාවයක නිරත වන බව වාර්තා වනවා.

මෙම පිරිස තමන්ට PCR පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලා මෙලෙස වහලය මතට නැඟ විරෝධතාවක නිරතවන බවටයි තොරතුරු වාර්තා වන්නේ

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට Covid- 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමත් සමග එම නියාමකවරුන් දෙදෙනා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් පියවර ගෙන තිබුනා.

අලුතෙන් බන්ධනාගාර ගතවන්නන් නිරෝධායනයට ලක් කිරීම සඳහා එම බන්ධනාගාරය මේ වන විට ප්‍රයෝජනයට ගන්නා අතර මීට පෙර එම බන්ධනාගාරයේ රැදවියන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here