Home Coronavirus 2020 අපි මැරුණට පස්සේ භූමදානය හරි අපි කැමති විදියට දෙන්නේ නැද්ද? – මවුලවි...

අපි මැරුණට පස්සේ භූමදානය හරි අපි කැමති විදියට දෙන්නේ නැද්ද? – මවුලවි මූනීර් මුලෆ්ෆර්

1309

Covid – 19 රෝගය හේතුවෙන් මිය යන මුස්ලිම් ජනතාව භූමිදානය කිරීමට ඉඩ නොදීම මුස්ලිම් ජනතාවගෙන් කරන පළිගැනීමක් බව ජමේතුල්ලා උලමා සංවිධානයේ සාමාජික මවුලවි මූනීර් මුලෆ්ෆර් සඳහන් කරයි.

මුස්ලිම් දේහයකට අවසන් කටයුතු කිරීමේදී අනිවාර්යයෙන් ඉටුකළ යුතු කරුණු 4ක් තිබෙන බවත් දේහය නෑවීම, සුදු රෙද්දකින් එතීම, දේහය අසල සිට යාච්ඤා කිරීම සහ භූමදානය කිරීම එම කරුණු බවත් මවුලවිවරයා යූ ටියුබ් නාළිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් සඳහන් කළේය.

මේ වන විට තමන්ට තිබෙන්නේ භූමිදානය කිරීමේ හැකියාවක් පමණක් බැවින් තවදුරටත් පලි නොගෙන එය රැක දෙන මෙන් මවුලවිවරයා ඉල්ලා සිටිනවා.

ආණ්ඩුව ගත් තීරණයක් කලින්ම තවුහිත් ජම්මාත් සංවිධානය දන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ විට මවුලවිවරයා එම සංවිධානය අන්තවාදී හා කුමන්ත්‍රණකාරී සංවිධානයක් බව ද පෙන්වා දෙන අතර ඔවුන් මෙම ප්‍රශ්නය වෙනත් අතකට ගෙන යාමට උත්සහ දරන බව පෙනී යන බව සඳහන් කරයි.

මුස්ලිම් ජනතාවට වෙනම නීතියක් තිබෙන කතාව බොරුවක් බව ද මවුලවිවරයා සඳහන් කරයි.

මේ රටේ මුස්ලිම් ජනයාට තිබෙන්නෙත් අන් ජනයාට තිබෙන නීතිය ම පමණක් බව ද මවුලවිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here