Home Hit මිය යන මුස්ලිම් අය භූමදානයට අනුමැතියක් හෝ අවසරයක් කැබිනට් මණ්ඩලය ලබා දී...

මිය යන මුස්ලිම් අය භූමදානයට අනුමැතියක් හෝ අවසරයක් කැබිනට් මණ්ඩලය ලබා දී නෑ – කෙහෙලිය

262

කොරෝනා ආසාදනයට ලක්ව මිය යන මුස්ලිම් අයගේ මෘත දේහ භූමදාන කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අනුමැතියක් ලබා දුන් බවට වැරැදි මතවාදයක් ඇතිව තිබෙන බවත් එසේ අනුමැතියක් හෝ අවසරයක් කැබිනට් මණ්ඩලය ලබා නොදුන් බවත් ජනමාධ්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එහි දී තීරණය වූයේ ඒ සම්බන්ධ කරුණු සියල්ල සෞඛ්‍යමය හා තාක්ෂණික වශයෙන් තීන්දු ගන්නා කණ්ඩායමකට හෝ කණ්ඩායම්වලට යොමු කිරීමට බවද ඔහු පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ඊයේ (10 වැනිදා) මාධ්‍යට ප්‍රකාශයක් කරමින් මේ බැව් කීය.

මෙහි දී අදහස් දැක් වූ ඇමැති රඹුක්වැල්ල මෙසේද පැවසීය.

පසුගියදා පැවැති කැබිනට් මණ්ඩලයේ දී අධිකරණ අමාත්‍යතුමන් පවතින සෞඛ්‍ය හා නීතිමය තත්ත්වය මත මෙය කෙසේද කළ යුත්තේ යන්නට යෝජනාවක් ඉදිරිපත් වූවා. වියළි කලාප පවතින ප්‍රදේශයන්හි මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමක් සම්බන්ධයෙන් කියවුණා නමුත් එහි දී කිසිදු අවසරයක් හෝ අනුමැතියක් ලබා දීමක් සිදු නොවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here