Home Uncategorized ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් හය දෙනෙකු පාර්ලිමේන්තු සභාව නිර්දේශ කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් හය දෙනෙකු පාර්ලිමේන්තු සභාව නිර්දේශ කරයි

253

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නව විනිසුරුවන් 06 දෙනකු පත් කිරීමට ඊයේ (10) රැස් වූ පාර්ලිමේන්තු සභාව නිර්දේශ කර තිබේ.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කෙරෙන පළමු පත්වීම් ලෙස අදාළ නම් නිර්දේශ කර තිබිණි.

ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරන ඒ.එම්.ඩී. නවාස්, අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස කටයුතු කළ කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, මහින්ද සමයවර්ධන සහ ජනක් ද සිල්වා නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාව නිර්දේශ කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවන් ලෙස පත් කරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා මීට ඉල්ලීමක් කර තිබුණද, එම නිලධාරීන්ට අවස්ථාවක් ලබාදී නැතැයි ද වාර්තා වේ.

නව පත්වීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ළඟදීම සිදුකරන බව කථානායකවරයා පැවසූ බව Daily News වෙබ් අඩවිය වාර්තා කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here