Home Hit විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අද සිට නැවතත්

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අද සිට නැවතත්

178

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සේවා අද සිට නැවත ආරම්භ කෙරෙනවා.

සතියේ වැඩ කරන දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් එම සේවා සැපයෙනු ඇති.

ඒ අනුව කොන්සියුලර් අංශයට පැමිණීමට පෙර ජනතාව විසින් වේලාවක් වෙන් කරගැනීම අනිවාර්යය බවයි විදේශ අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

0112 338 812 දුරකථන අංකය ඔස්සේ සේවාවන් සදහා වේලාවක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා.

මෙලෙස කලින් වේලාවක් වෙන්කර නොගත් පුද්ගලයින්ට කිසිදු අයුරකින් කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ ලබා නොදීමටයි විදේශ අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here