Home Hit 2021 අයවැය විවාදයට දින 21ක් – අවසන් වර කියවීමේ ඡන්දය දෙසැම්බර්...

2021 අයවැය විවාදයට දින 21ක් – අවසන් වර කියවීමේ ඡන්දය දෙසැම්බර් 10

253

2021 වසර සඳහා වන අයවැය විවාදය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව ලබන වසර සඳහා වන විසර්ජන පණත් කෙටුම්පත් විවාදය දින 21 ක් පැවැත්වීමටයි අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.

මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 17 වනදායි.

18 වනදා සිට නොවැම්බර් 21 වනදා දක්වා දෙවන වර කියැවීමේ විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කලේ.

02 වන වර කියැවීමට අදාළ ඡන්ද විමසීමද එදින පැවැත්වෙනු ඇති.

අයවැය 03 වන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන්නේ නොවැම්බර් 23 වනදායි.

එය දෙසැම්බර් 10 වනදා දක්වා ඉරිදා හා ප්‍රසිද්ධ නිවාඩු හැර සෙනසුරාදා ඇතුලු අනෙකුත් සෑම දිනයකම පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

2021 අයවැය 03 වන වර කියවීමේ ඡන්දය හෙවත් අවසන් වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි.

මේ අතර මෙම වසර සඳහා වන විසර්ජන පණත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර පෙරවරු 10 සිට පස්වරු 05 දක්වා විවාදය පැවැත්වෙනවා.

ලබන සිකුරාදා දිනයේදී විපක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල්තැබීමේ අවස්ථා විවාදයක් අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here