Home Hit මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සීමාවන් සහිතව හෙට සිට විවෘත කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සීමාවන් සහිතව හෙට සිට විවෘත කෙරේ

275

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සීමිත සේවක සංඛ්‍යාවක් යොදාගනිමින් හෙට සිට නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එසේම කොරෝනා වසංගත තත්වය සමග වසාදැමුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය තවදුරටත් වසා තැබෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත් එම කාර්යාලය හරහා සැපයෙන සේවාවන් යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල හරහා සැපයීමට මේ වනවිට පහසුකම් සපයා ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

අදාළ කාර්යාල සඳහා සේවා ලබාගැනීමට පැමිණීමට පෙර වේලාවන් වෙන්කරගතයුතු ආකාරය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here