Home Coronavirus 2020 බස්නාහිර කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 260 දක්වා ඉහළට

බස්නාහිර කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 260 දක්වා ඉහළට

218

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් වාර්තාවන කොරෝනා ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 260 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් ආසාදිතයන් හතරදෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමඟයි.

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් හයදෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර, රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 250 ක්.

තවත් නිලධාරීන් 355 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

එමෙන්ම තවත් 1,484 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර, ඉන් 27 දෙනෙකු මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here