Home Coronavirus 2020 කොරෝනා ආසාදිතයෙක් මංගල උත්සවයට පැමිණීමෙන් මනාල යුවළ නිරෝධායනයට

කොරෝනා ආසාදිතයෙක් මංගල උත්සවයට පැමිණීමෙන් මනාල යුවළ නිරෝධායනයට

446

බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් මනාල යුවළ ඇතුළු එම උත්සවයට සහභාගී වූ පවුල් කීපයක් නිරෝධායන ලක්කිරීමට අද (10) පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පවසයි.

මීට දින 10 පමණ පෙර දී මංගල උත්සවය පවත්වා ඇති අතර ඒ සඳහා සෞඛ්‍ය උපදෙස් මත පුද්ගලයන් 40ත් 50ත් අතර ප්‍රමාණයක් සහභාගි වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වෛද්‍යවරිය පවසයි

මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි මනාල මහතාගේ සහෝදරයකු මංගල උත්සවයට සහභාගි වී ඇති අතර එයින් දින කීපයකට පසු කොරෝනා රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් ඔහු පි සි ආර් පරීක්ෂණයට භාජනය කර තිබූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

එම පුද්ගලයා ආසාදිතයෙකු බවට පෙරේදා (9) වෛද්‍ය වාර්තාවක් මගින් අනාවරණය වීමෙන් පසුව ඔහු ආගිය තැන් පිළිබඳව විමසීමේදී මේ බව අනාවරණය වී ඇතැයි එම ප්‍රකාශකයා පවසයි.

ඒ හේතුවෙන් එම මංගල උත්සවයට සහභාගී වූ අවට නිවාස කීපයක සාමාජිකයන් එම නිවෙස් වලම ස්වයං නිරෝධායන ලක් කිරීමට පියවර ගත් බවත් තවදුරටත් සොයා බලා පිටස්තර ප්‍රදේශවල අය වෙතොත් ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කිරීමට පියවර ගන්නා බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසයි.

මනාලිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඒ සම්බන්ධයෙන් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ද දැනුවත් කිරීමට පියවර ගත් බවත් වෛද්‍යතුමිය වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here