Home Coronavirus 2020 Covid-19 මරණ භූමදානයට අවසර ලබාදීමට ගැන මෙතෙක් තීරණයක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

Covid-19 මරණ භූමදානයට අවසර ලබාදීමට ගැන මෙතෙක් තීරණයක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

324

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබාදීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ බව කියා සිටියේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබාදුන් බවට සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ලිපි ශීර්ෂය යටතේ එහි මහලේකම් අබ්දුල් රාසික්ගේ අත්සනින් ඉදිරිපත්ව ඇති මෙම ලිපියේ සදහන් වන්නේ නව කොරෝනා වෛරසය ආසාදනවීමෙන් මරණයට පත්වන මුස්ලිම් මෘත දේහ භූමදානය කිරීමට රජය අවසර ලබාදී ඇති බවයි.

මෙම තීරණයට රජයට ස්තූතිය පළ කරන බව ද එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී අධිකරණ අමාත්‍ය අල් සබ්රි විසින් මෙම කාරණය සම්බන්ධයෙන් කරුණු දැක්වූ බවයි.

කෙසේ වෙතත්, එවැන්නක් කැබිනට් තීරණයක් ලෙස ප්‍රකාශයට පත් නොවන අතර එය සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශයට පත් කළ යුතු කාරණයක් බවයි ඔහු කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here