Home Hit කොවිඩ් -19 අරමුදලේ මුදල් වියදම් වූ හැටි

කොවිඩ් -19 අරමුදලේ මුදල් වියදම් වූ හැටි

402

පසුගිය ඔක්තෝම්බර් මස 31 වෙනිදා වන විට ‘ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල’ හි ශේෂය රුපියල් 1,668,379,121.74ක් වන බවත් එම මුදලින් අද (10) දින වන විට රුපියල් 402,190,701ක මුදලක් වෙන් කොට සහ වැය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මේ දක්වා සිදුකර ඇති PCR පරීක්ෂණ සඳහා රුපියල් 42,605,812ක පිරිවැයක් දරා ඇති අතර නිරෝධායන පහසුකම් සඳහා රුපියල් 38,031,065ක් වැයකොට ඇති බව සඳහන්.

පසුගිය මාර්තු මස 18 වෙනිදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණයකට අනුව මාර්තු 23 වෙනිදා මෙම අරමුදල පිහිටවනු ලැබූ මෙම ඉටුකම අරමුදලේ කළමනාකරණය සහ පරිපාලනය, මුල්‍ය සහ බැංකු කේෂ්ත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් කෙරේ.

අමාත්‍යාංශ ලේකම්වරු, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්, විගණන විශේෂඥයින් සහ බැංකු ප්‍රධානීහු මෙහි කලමනාකරණ මණ්ඩලයට පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මහ බැංකුවේ සභාපතිවරයා ලෙස මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩි. ලක්ෂ්මන් මහතා කටයුතු කරනු ලබනවා.

කොවිඩ් මර්දනය සඳහා යම් ආයතනයකට මුදල් අවශ්‍ය වූ විට කමිටුවේ අනුමැතිය ඇතිව එම මුදල අදාළ ආයතනය විසින් රජයේ ප්‍රසම්පාදන නියමයන්ට අනුකූලව වියදම් කරන අතර අරමුදල කරනුයේ මුදල ප්‍රතිපුර්ණය කිරීමකි. කිසිදු අවස්ථාවක කමිටුව සෘජු මිලදී ගැනීමක් හෝ සෘජු මුදල් වැයකිරීමක් නොකරන අතර අරමුදලේ ගණුදෙනු ජනාධිපති කාර්යාලයේ ගිණුම් අංශය විසින් සිදුකරන අතර ඒවා රජයේ විගණකාධිපතිවරයාගේ පූර්ණ විගණනයකට යටත්ව බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඉටුකම අරමුදලේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් කළමනාකරණ කමිටුව අනුමත කළ ක්‍රියාකාරකම් පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here