Home Hit COVID නිසා මිය යන මුස්ලිම් දේහ භූමදානයට සුදුසු ඉඩමක් සොයන්න – ජනපතිගෙන්...

COVID නිසා මිය යන මුස්ලිම් දේහ භූමදානයට සුදුසු ඉඩමක් සොයන්න – ජනපතිගෙන් උපදෙස්

5419

COVID-19 හේතුවෙන් මියයන මුස්ලිම් මෘතදේහ ආදාහනය නතර කරන ලෙස මුස්ලිම් ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීම්වලට අනුව ඔවුන්ගේ මළ සිරුරු භූමදානය සඳහා ඉඩ ලබා දීම සඳහා රටේ ඕනෑම ප්‍රදේශයක වියළි ඉඩමක් වෙන් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඊයේ සවස පැවති කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ජනාධිපති රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩල කිහිප දෙනෙකු සමඟ මේ වන විට වෙනත් රටවල සිදු කෙරෙන භූමදාන කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇති බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව මුලින් කරුණු ඉදිරිපත් කර ඇති අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ද වෙනත් රටවල මෙන්ම භූමදාන කටයුතු අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

COVID-19 හේතුවෙන් මියයන මළසිරුරු භූමදාන කිරීම සඳහා මුස්ලිම් ප්‍රජාවට නැගෙනහිර ප්‍රදේශයේ හෝ සුදුසු වියළි ඉඩමක් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කර ඇති බව Daily Mirror පුවත්පත වාර්තා කර ඇත.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ මුස්ලිම් ආගමික නායකයින් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here