Home Hit නැඟෙනහිර ජනතාවගෙන් බිලියන 12ක් හූරගෙන ඉන්දියාවට පැන්න ජාවාරම්කරු අත්අඩංගුවට

නැඟෙනහිර ජනතාවගෙන් බිලියන 12ක් හූරගෙන ඉන්දියාවට පැන්න ජාවාරම්කරු අත්අඩංගුවට

466

මූල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ට රුපියල් බිලියන 12කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවට ලක්වූ ව්‍යාපාරිකයකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉන්දියාවට පලායමින් සිටියදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සිකුරාදා (06 වැනිදා) රාත්‍රියේ ඉන්දියාවේ වෙදරන්යම්හිදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පදිංචිකරුවකු වන 45 හැවිරිදි අහමඩ් ෂරීම් මොහොමඩ් ෂිහාබ් 39 හැවිරිදි ඔහුගේ බිරිඳ ෆාතිමා ෆර්සානා මකාර් සහ දස හැවිරිදි ඔවුන්ගේ පුත්‍රයාය.

The News Indian Express පුවත්පත වාර්තා කර ඇති ආකාරයට ‘කොවියායන්කරායි බස්නැවතුම්පොළ’ ආසන්නයේදී මෙම තිදෙනා අත්අඩංගුවට පත්ව තිබේ. පොලිසිය පවසා ඇති ආකාරයට මෙම පිරිස යාපනයෙන් හොර බඩු ජාවාරම්කරුවන්ගේ උපකාරයෙන් බෝට්ටුවකින් ඉන්දියාවට පැමිණ තිබේ.

මෙම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ privelth Global private Ltd නමින් මූල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් ඇත.

2014දී ආරම්භ කර ඇති මෙම සමාගම මගින් සමන්තුරෙයි, කල්මුණෙයි, එරාවුර්, පොතුවිල් සහ නින්තවුර් යන ප්‍රදේශවල ජනතාවගෙන් රුපියල් බිලියන 12කට අධික වටිනාකමකින් යුතු තැන්පතු ලබාගෙන තිබේ. මෙම තිදෙනාට නීති විරෝධී සංක්‍රමණික චෝදනා මත මහෙස්ත්‍රාත් අධිකරණයක නඩු පවරා ඇතැයි ද The News Indian Express වැඩිදුරටත් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here