Home Coronavirus 2020 නිකවැරටිය නගරයේ වෙළඳසැල් වැසේ

නිකවැරටිය නගරයේ වෙළඳසැල් වැසේ

416

නිකවැරටිය නගරයේ සියලු වෙළඳසැල් අද සිට දින තුනක කාලයක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු නගරයේ වෙළඳසැල් වෙත පැමිණ ඇති බවට තහවුරුවීමත් සමඟයි.

පසුගිය ඔක්තෝම්බර් මස 20 වනදා සිට එම නගරය තුළ පවුල් 125 ක් නිරෝධායනය අවසන් කර ඇති අතර, තවත් පවුල් 98 ක් නිරෝධායනයට යොමුකර ඇති බවයි නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගාමිණී එදිරිසිංහ මහතා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here