Home Hit ව්‍යාපෘති රැසක් සමඟ නාමල් යාපනයට

ව්‍යාපෘති රැසක් සමඟ නාමල් යාපනයට

418

සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් සමඟ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් වෙනුවෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (08) දිනයේ උතුරු පළාතේ සංචාරය කළා.

යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහා වන සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමට එම මහතා ඊයේ දිනයේදී සහභාගී වූ අතර යාපනය දිස්ත්‍රික්කයේ පළමුවරට ජාතික තරුණ සභා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයටද සහභාගී විය.

එමෙන්ම, යාපනයේ තරුණ ව්‍යවසායකයින් සමඟ අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වූ අතර ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය හා තාක්‍ෂණිකව සහාය ලබාදීමට පොරොන්දු විය. නාමල් රාජපක්ෂ මහතා විසින් යාපනයේ තරුණ දක්ෂ කෙටි චිත්‍රපට නිෂ්පාදකයින්,සංගීතවේදීන්, ගී පද රචකයින් හා කතුවරුන් පිරිසක්ද හමු වූ අතර ඔවුන්ට සහාය දී ඔවුන්ගේ කුසලතා දැක්වීමට ජාතික වේදිකාවක් සැකසීමට බලාපොරොත්තු වන බව පවසා සිටියා.

යාපනයේ ඓතිහාසික දොරෙඅප්පා ක්‍රීඩාංගනයේදී අද උදෑසන ව්‍යායාම වල නිරත වූ අතර වවුනියාවේ සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටුවටද සහභාගී විය.

එහිදී යාපනය ඓතිහාසික ශ්‍රී නාග විහාරයට පැමිණ මා , යාපනය ශ්‍රී නාග විහාරාධිපති පුජ්‍ය ශාස්ත්‍රවේදී මීගහජදුරේ සිරිවිමල නාහිමියන් බැහැදැකීමටත් යාපනය ඓතිහාසික නල්ලුර් කන්දසාමි කෝවිල වැද පුදා ගැනීමටත් අමාත්‍යවරයා අමතක කළේ නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here