Home Hit පවතින වසංගතය හමුවේ රිමාන්ඩ් සිරකරුවන් සඳහා ඇප

පවතින වසංගතය හමුවේ රිමාන්ඩ් සිරකරුවන් සඳහා ඇප

404

සැකකරුවන්ට ඇප ලබාදීම සහ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශන මාලාවක් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙනවා.

ඒ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පිළිබඳව සැළකිල්ලට ගනිමින්.

කොරෝනා වසංගතය හමුවේ බන්ධනාගාරයේ පවතින තදබදය අවම කරමින් එහි කටයුතු පවත්වාගෙන යාම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ඉල්ලීම පරිදි මෙසේ මාර්ගෝපදේශන ලබාදුන් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටින්නේ.

ඒ අනුව, බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ට චෝදනා ගොනු කරන ලෙසත්, ඇප ලබා දෙන ලෙසත් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here