Home Coronavirus 2020 කොරෝනා වළක්වන Pfizer සමාගමේ එන්නත 90%ක් ඵලදායී බව එම සමාගම පවසයි

කොරෝනා වළක්වන Pfizer සමාගමේ එන්නත 90%ක් ඵලදායී බව එම සමාගම පවසයි

895

කොරෝනා වෛරසය සඳහා අත් හදා බලමින් පවතින එන්නතක් එහි තුන්වන අදියරේ ාත් හදා බැලීම් වලදී විශාල සාර්ථකත්වයත් අත් කරගෙන ඇති බවට එම එන්නත නිපදවන සමාගම විසින් ප්‍රකාශ කර සිටින බව ‘The Guardian‘ වාර්තා කරනවා

වෛරසය ආසාදනය වීම වැළැක්වීම සම්බන්ධයෙන් මෙම එන්නත 90%ක සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව මෙසේ මූලික විශ්ලේෂණයකින් හෙළි වී තිබේ.

“අද විද්‍යාවට හා මනුෂ්‍යත්වයට විශිෂ්ට දවසක්. අපගේ COVID-19 එන්නත් අත්හදා බැලීමේ තුන්වන අදියරේ පළමු ප්‍රතිඵල මඟින් COVID-19 වැළැක්වීමට අපගේ එන්නතට ඇති හැකියාව පිළිබඳ මූලික සාක්ෂි සපයා තිබෙනවා ”යනුවෙන් ෆයිසර් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ඇල්බට් බෝර්ලා පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here