Home Hit ජනපති ජෝ : රහස් නම Celtic : ඊළඟට මොකද වෙන්නේ?

ජනපති ජෝ : රහස් නම Celtic : ඊළඟට මොකද වෙන්නේ?

598

ධවල මන්දිරයට යෑම සදහා වූ තරඟයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට අවශ්‍ය ඡන්ද විද්‍යාල 270 ක් ජෝ බයිඩ්න් වෙත ලැබෙනු ඇතැයි ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන පුරෝකථනය කල අතර, ජෝ අභිනව ජනාධිපතිවරයා වශයෙන් නිල පිළිගැනීමට ලක්ව තිබේ. දැන් මොකද වෙන්නේ?

හිටපු උප ජනාධිපතිවරයාට හෙට උදෑසනම තම ගෘහ භාණ්ඩ, ඇදුම් පැලදුම් සෘජුවම වොෂින්ටන් හී නො. 1600, පෙන්සිල්වේනියා මාවතට කෙලින්ම ගෙනයාමට නොහැකි වේ – පළමුව සිදුවිය යුතු කරුණු කිහිපයක් තිබේ.

එය සාමාන්‍යයෙන් සුමට ක්‍රියාවලියක් වන නමුත් මැතිවරණයට ඇති විය හැකි නීතිමය අභියෝග හේතුවෙන් මෙවර අමතර ගැටලු ඇති විය හැක.

ජෝ බිඩෙන් ජනාධිපති වන්නේ කවදාද?

එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව තේරීපත්වූ ජනාධිපතිවරයාගේ නව ධුර කාලය ජනවාරි 20 වන දින දහවල් 12.00 ට ආරම්භ වේ.

එය වොෂිංටන් ඩීසී අගනුවර පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවය නම් වූ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා සහ අගවිනිසුරු සහභාගී වනු ලබන උත්සවයකි.

එබැවින් ජෝ බිඩෙන් සහ කමලා හැරිස්ට සිය ධූර කාලය ආරම්භ කිරීමට 2021 ජනවාරි 20 වන දින වන තුරු ඉවසිලිමත්ව සිටිය යුතු වේ.

බල හුවමාරුව සිදුවන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ මෙන් නොම ඇමරිකාවේ ජනපති මැතිවරණය අවසන් වූ වහාම නව ජනාධිපතිවරයා දිවුරුම් නොදෙන නිසාම මාස කිහිපයක කාලයක් වත්මන් ජනාධිපතිවරයා ධූරය දරනු ලබයි. එහිදී වත්මන් ජනාධිපතිවරයා විසින් අභිනව ජනාධිපතිවරයාට සහ ඔහුගේ කාර්‍ය මණ්ඩලයට රාජකාරිමය වගකීම් හුවමාරු කිරීමක්(පැවරීමක්) සිදුකරනු ලබයි. මෙම බල හුවමාරු කාල සීමාව තුලදී වත්මන් ජනාධිපතිවරයා විවාදාත්මක විධායක තීන්දු ගැනීමෙන් වැළකී සිටින අතර ධවල මන්දිරය අභිනව ජනාධිපතිවරයාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට අවැසි ලෙස සකස් කරගැනීමට අවශ්‍ය පහසුකම් සපයනු ලබයි.

නමුත් මෙම සම්ප්‍රදාය වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරක්ෂා කරනු ඇතැයි ද යන්න විවාදයට තුඩු දී ඇත.

මොකක්ද මේ Celtic?
අභිනව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ සහ උප ජනාධිපතිනි ලෙස පත්ව සිටින කමලා හැරිස්ගේ ආරක්ෂාව එරට රහස් සේවය යටතට පත්ව තිබේ. එම රහස් සේවය විසින් ජෝ බයිඩ්න්ට ලබාදී ඇති කෙටි ආරක්ෂක කේතය – Celtic ය. කමලා හැරිස්ගේ කේතය – Pioneer යන්නයි.

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සදහා රහස් සේවයේ නිල්ධාරීන් 3,200ක් නිල වශයෙන්ද, තවත් 1,300 ක් පමණ නොනිල වශයෙන්ද රාජකාරියේ නිරත වන බව වාර්තා වනවා.

ධවල මන්දිරයේ පදිංචියට යාම කුමන ආකාරයක අත්දැකීමක්ද?

ධවල මන්දිරය ජනාධිපතිවරයාගේ රාජකාරි කාර්යාලය සේම පදිංචි නිවසද වේ. ජනාධිපතිවරයාගේ පවුල වෙනුවෙන් වෙන්වූ කොටසේ කාමර 132 ක්, නාන කාමර 35 ක්, දොරවල් 412 ක්, ජනේල 147 ක්, ගිනි නිවන ස්ථාන 28 ක්, පඩි පෙළ 8 ක් සහ විදුලි සෝපාන 3 ක් ඇත.

අභිනව ජනාධිපතිවරයාගේ පවුලට අවැසි ආකාරයට එම කොටසේ ගෘහභාන්ඩ වෙනස් කිරීමේ හැකියාව පවතී.

මීට අමතරව ජනාධිපතිවරයාගේ භාවිතය සදහා ඔහු වෙනුවෙන්ම කාර් රථයක් (Cadillac One), හෙලිකොප්ටරයක්(Marine One), ගුවන් යානයක් (Air Force One) සහ බස් රථයක් (Ground Force One) නිර්මාණය කෙරේ.

Cadillac One & Air Force One in India – 24 February 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here