Home Coronavirus 2020 හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 6 දෙනෙකු ඇතුළු විසිනවයක් නිරෝධායනයට

හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 6 දෙනෙකු ඇතුළු විසිනවයක් නිරෝධායනයට

371

හෝමාගම මූලික රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට යොමු කළ රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම අවස්ථාවේ සේවය කළ වෛද්‍යවරුන් හය දෙනෙකු ඇතුළු විසි නම දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ අතර වෛද්‍යවරුන් හයදෙනකු , හෙද කාර්ය මණ්ඩලයේ එකොලොස් දෙනෙකු සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ දොළොස් දෙනෙකු ඇතුළු විසි නම දෙනෙකු වන බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසයි.

මොවුන් අතරින් හෙද කාර්ය මණ්ඩලයේ එකොලොස් දෙනකු කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයකටත් ,කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ දොළොස් දෙනකු කටුනායක නිරෝධායන මධ්‍යස්ථානයකටත් යොමුකොට වෛද්‍යවරුන් හය දෙනා ගෘහස්ථ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බවත් ඔවුන් ඉදිරියේදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බවත් පවසයි.

මේ අතර ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය විසබීජහරණය කොට යථා තත්ත්වයට පත් කරන තෙක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here