Home Hit විස්සට සහය දුන් විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආසන පැනවෙන ආකාරය ගැන තීන්දුව හෙට

විස්සට සහය දුන් විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආසන පැනවෙන ආකාරය ගැන තීන්දුව හෙට

296

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගය නියෝජනය කරන හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 7 දෙනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එම පක්ෂවල නායකයින්ගෙන් කරුණු විමසීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළව මෙම සතියේදී ලිඛිතව කරුණු විමසන බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කර සිටින්නේ.

රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන්ගේ නායකත්වය දරණ දේශපාලන පක්ෂ 3කට අයත් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පසුගිය දා පැවති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නා.

මීට අමතරව සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද ඊට පක්ෂව ඡන්දය ලබාදුන් අතර, ඇයට එරෙහිව දැනටමත් විනය පියවරගැනීම ආරම්භ කර ඇති බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට මීට පෙර දැනුම් දී තිබුණේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනා දැනට පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටින ආසනවල වෙනසක් සිදුකරන ලෙසටයි.

ඒ අනුව ඔවුන්ගේ අසුන් පැනවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට රැස්වන පාර්ලිමේන්තු කටයුතු තේරීම් කාරක සභාවේදී ගැනීමට නියමිත බවයි වාර්තාවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here