Home Coronavirus 2020 සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම වී සිටින්න – ආරක්ෂක අංශ ...

සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම වී සිටින්න – ආරක්ෂක අංශ ඉල්ලයි

354

ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද සහ හෙට වැඩි වශයෙන් මාර්ග බාධක යෙදවීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ එම ප්‍රදේශවල ජනතාව සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම වී ගත කළ යුතු බවයි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ජනතාව ද නිරෝධායන රීති අනුව කටයුතු කළ යුතු බවටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කළා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කෙරුණු කළුතර දිස්ත්‍රික්කයේ මතුගම – බදුගම නව ජනපදය ඊයේ පස්වරුවේ සිට එම තත්ත්වයෙන් මුදාහැරුණා.

කෙසේ වෙතත්, බස්නාහිර පළාත සහ කුලියාපිටිය මෙන්ම ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා සීමාවට පනවා ඇති, නිරෝධායනය ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

එසේම, ගිරිඋල්ල, සහ මාවනැල්ල, හෙම්මාතගම යන පොලිස් බල ප්‍රදේශ තවමත් හුදකලා ප්‍රදේශ ලෙසටයි නම්කර ඇත්තේ.

මේ අතර, කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හමුවේ තලාතුඔය නගරයේ වෙළඳසැල් අද සිට දින 3ක් වසා තැබීමට තීරණය කළ බව තලාතුඔය වෙළඳ සංගමයේ සභාපති සුසිල් වෙදගේ සඳහන් කළා.

දැනට එම ප්‍රදේශය ආශ්‍රිතව ආසාදිතයින් 7 දෙනෙකු පමණ වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු නගරයේ වෙළඳසැල් වෙත සංචරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here