Home Hit ඩී. ඒ. රාජපක්ෂ 53 වැනි ගුණ සමරු පිංකම් මාලාව වීරකැටිය, මැදමූලනදී ...

ඩී. ඒ. රාජපක්ෂ 53 වැනි ගුණ සමරු පිංකම් මාලාව වීරකැටිය, මැදමූලනදී (PHOTOS)

533

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 53 වෙනි ගුණ සමරුවට සමඟාමීව සෙත් පිරිත් සජ්ඣායනයක් සහ දානමය පිංකමක් අද (07) පෙරවරුවේ වීරකැටිය, මැදමුලන නිවසේ දී පැවැත්විණි.

මැදමුලනේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ හා දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂ මැතිණියගේ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පැවති පහන් පූජාව සඳහා ද එම පිරිස එක් වූහ.

පිරිත් සජ්ඣායනය සඳහා හපුගම්පොත පුරාණ මහා විහාරාධිපති මිද්දෙනියේ ඉන්ද්‍රරතන නාහිමි, පල්ලෙමුලන ගිරුවාසෑය විහාරාධිපති සපුගස්යායේ ධම්මරතන නාහිමි හා හපුගම්පොත අතුල දක්ෂිණාරාම විහාරාධිපති වකමුල්ලේ චන්ද්‍රවිමල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩම කළහ.

දානමය පිංකම සඳහා රුහුණේ ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරි උභය රාජමහා විහාරාධිපති, කාවන්තිස්ස පරිවේණාධ්‍යක්ෂ, මාතර කන්දබඩ පත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමි, සද්ධර්ම කීර්ති ශ්‍රී විමලසිරි රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස් දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති පරිවෙණාධිපති තලම් පොරුවේ ඉන්දු සුමන නාහිමියන් හා මාතර හම්බන්තොට දෙපළාතේ සංඝනායක මුල්කිරිගල රාජමහා විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩම කළහ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ, චන්ද්‍රා රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක ඇතුළු පවුලේ සාමාජික පිරිස එක්ව සිටියහ. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව මෙම පිංකම් මාලාව පවුලේ සාමාජිකයින්ට සීමා කර පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here