Home Hit ඉහළ ගොස් තිබූ දිවයිනේ වායු දූෂණය පහළට

ඉහළ ගොස් තිබූ දිවයිනේ වායු දූෂණය පහළට

235

ඉහළ ගොස් තිබු දිවයිනේ වායු දූෂණය අද(07) වනවිට සීඝ්‍ර ලෙස පහත වැටී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි කියා සිටියේ යළි ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ වාහන ධාවනය අඩුවීම සහ කාර්මික කටයුතු අඩු වීම මෙන්ම, වැසි සහ සුළං සහිත කාලගුණය ඊට හේතු වී ඇති බවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය වායු දූෂණය සහ කාබන්ඩයොක්සයිඩ් මට්ටම සීඝ්‍ර ලෙස පහත වැටුණා.

නිව්යෝක් හි පර්යේෂණ කණ්ඩායමක් සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෝටර් රථවලින් පිටකරන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය මෙම වසරේදී සියයට 50 කින් පමණ අඩුවී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here