Home Coronavirus 2020 ජනතාවට මිත්‍යාව පෙන්වමින් VVIP පවුල් කොරෝනා නසන චීන එන්නතක් විදගෙන

ජනතාවට මිත්‍යාව පෙන්වමින් VVIP පවුල් කොරෝනා නසන චීන එන්නතක් විදගෙන

703

කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීම සඳහා මෙරට ප්‍රභූ පවුල් වල කිහිපදෙනකු සදහා චීනයෙන් ගෙන්වන ලද එන්නතක් විදගෙන ඇති බව සමගින් ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

එක් අතකට එන්නතක් සඳහා ඩොලර් 70 බැගින් අත් දෙකටම ඩොලර් 140 බැගින් වැයකර මෙම එන්නත ප‍්‍රභූ පවුල් කිහිපයක් පමණක් විද නැතැයි ද ඔහු පැවසීය.

ජනතාවට මිථ්‍යාව පෙන්වමින් ගංගාවලට කලගෙඩි අතහරිමින් සිටියදී ප්‍රභූ පවුල්වල සාමාජිකයන් චීනයෙන් ගෙනැවිත් මෙම එන්නත විදගන්නා බවද ඔහු කීය.

කෙසේ නමුත් ඕනෑම පුද්ගලයෙකු එන්නතක් විදගැනීම ගැන ප්‍රශ්නයක් නැති බවත් ජනතාවට අවශ්‍ය සහ සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here