Home Hit අත්අඩංගුවට ගත් තරුණයකුගේ අතකට හානි කළාට පොලිසියට වන්දි ගෙවන්න වෙයි

අත්අඩංගුවට ගත් තරුණයකුගේ අතකට හානි කළාට පොලිසියට වන්දි ගෙවන්න වෙයි

446

රන් ආභරණ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකුට පොලිස් ජීප් රථයේ එල්ලා පහර දීමෙන් ඔහුගේ අතකට බරපතළ තුවාල සිදු කිරීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් ලක්‍ෂයක වන්දියක් ගෙවන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කළේය.

එයට අමතරව එම නඩුවේ දෙවැනි හා තුන්වැනි සැකකරුවන් ලෙස නම් කර තිබූ අනුරාධපුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එස්. ගාල්ලගේ සහ උප පොලිස් පරීක්‍ෂක කේ. අමරසිංහ නමැති දෙදෙනාට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 50,000 බැගින් වන්දියක් පෙත්සම්කාර තරුණයාට ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළ බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.

බුවනෙක අළුවිහාරේ, මුර්දු ප‍්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඒකමතිකව නිකුත් කරනු ලැබූ එම තීන්දු ප‍්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ රජයේ නිලධාරීන් විශේෂයෙන් පොලිසිය විසින් සිදු කරනු ලබන මෙවැනි අමානුෂික පහරදීම් වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශිත නඩු තීන්දු කිහිපයකදී රජයට නියෝග කර තිබුණත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගත් බවට තම අධිකරණයට මේ දක්වා වාර්තා වී නොමැති බවයි.

2013.09.25 දා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අනුරාධපුර මහඉළුක්කුලම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ලලන්ත අනුරාධ නමැති තරුණයා විසින් නීතිඥ තනුක නන්දසිරි මහතා මගින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here