Home Hit දිස්ත්‍රික්ක කිහිපයක නාය යාම් අනතුරු ඇගවීම්

දිස්ත්‍රික්ක කිහිපයක නාය යාම් අනතුරු ඇගවීම්

259

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් නාය යාම් අනතුරු ඇගවීම් අධියර එක යටතේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, ඇළපාත සහ කුරුවිට යන ප්‍රදේශවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශිය කොට්ඨාශයටත් මෙලෙස නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම ප්‍රදේශවල පවතින දැඩි වර්ෂාපතන තත්වය සැළකිල්ලට ගනිමිනුයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

මේ ඒ සම්බන්ධ වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍යය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ ජනතාව නායයාම් ලක්ෂණ පිළිබඳව අවදානයෙන් සිටිය යතු බවත්, 117 දුරකථන අංකය ඒ වෙනුවෙන් විවෘත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here