Home Hit සෞදියේ පීඩාවට පත් ලාංකිකයින් පැය 48 ක් තුළ ගෙන්වන්නැයි ජනපති නියෝග

සෞදියේ පීඩාවට පත් ලාංකිකයින් පැය 48 ක් තුළ ගෙන්වන්නැයි ජනපති නියෝග

327

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ
ආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වාගැනීමට
රජය සැළසුම් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව සෞදි අරාබියේ රැඳීසිටින
පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන්
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවේ දී
මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

ඒ අනුව අදාළ පිරිස් මෙරටට ගෙන්වාගැනීම සඳහා අවම වශයෙන් දිනකට ගුවන් ගමන්වාර
දෙකක් ක්‍රියාත්මක කිරීමට ද එහිදී තීරණය වී ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here