Home Hit මම අද එනකොට ඇඹුල්දෙණිය හංදියේ චූන්පාන්, එළවළු, රෝල්ස් විකුණන අය නෑ

මම අද එනකොට ඇඹුල්දෙණිය හංදියේ චූන්පාන්, එළවළු, රෝල්ස් විකුණන අය නෑ

3542

දිගටම රටවසා තැබීම පිළියමක් නොවන බවත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් රට යථා තත්වයට ගෙන ඒමට සියල්ලන්ම කටයුතු කළ යුතු බවත් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කොරෝනා ව්‍යාප්තිය නිසා රට තුල ඇඳිරි නීතිය පැනවීමෙන් හෝ හුදෙකලා කිරිමෙන් දෛනික ආදායම් මත යැපෙන ජනතාවට මුහුණ පෑමට සිදුවන අපහසුතා ගැන තම අවධානය යොමුව ඇති බවත් වෛරසයෙන් ආරක්ෂාවී රටේ සාමාන්‍ය කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට සියලු දෙනා සුදානම් විය යුතු බවද මෙහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටියා.

“මාසික වේතනයක් ගන්න අයට ගාණක් නෑ ලොක් ඩවුන් කළාට. එයාලට මාසෙ පඩිය එනවනේ. හැබැයි එදිනෙදා සල්ලි හම්බු කරන අයට දවස් 10ක වසා තැබිමෙන් සිදුවෙන හානිය පුරවගන්න සමහර විට අවුරුද්දක් උනත් යන්න පුළුවන්. අපි සමස්ථය දිහා බලලයි පියවර ගන්න ඕනෙ.” යැයි ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here