Home Hit මෙරට සිටි පාකිස්තානු සිරකරුවන් 43 දෙනෙකු පිටුවහල් කෙරේ

මෙරට සිටි පාකිස්තානු සිරකරුවන් 43 දෙනෙකු පිටුවහල් කෙරේ

292

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය චෝදනා වලට වැරදිකරුවන් වී සිටි පාකිස්තානු ජාතික සිරකරුවන් 43 දෙනෙකු එරට රජයේ ඉල්ලීමක් මත අද (04) දින අලුයම පාකිස්තානු විශේෂ ගුවන් යානයකින් ඉස්ලාමාබාද් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල් කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.

මොවුන් ශ්‍රී ලංකාවේ මහාධිකරණ මගින් වැරදිකරුවන් වී විවිධ බන්ධනාගාර වල වසර 10 ක් 15 ක් තරම් කාලයක් සිර දඩුවම් විදිමින් සිටි පාකිස්තානු ජාතිකයන් පිරිසක් බවත් , මොවුන් මෙලෙස පාකිස්තානය වෙත රැගෙන යෑමෙන් පසුව ද එරට බන්ධනාගාර තුළට යළිත් මොවුන් ඇතුළු කිරීමට නියමිත බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here