Home Coronavirus 2020 කොළඹ ජාතික රෝහලේදී කොරෝනා වැළඳී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සිදු කෙරේ

කොළඹ ජාතික රෝහලේදී කොරෝනා වැළඳී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සිදු කෙරේ

186
0

මෙරට සිදුවූ 20 වන කොරෝනා මරණය අද(31) කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වුණා.

කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මිය ගිය කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලව සිදුකෙරුණා.

පසුගිය 29 වන දා රෝහල් ගත වී ඇති ඇය නිධන්ගත රෝගවලින් පෙළෙමින් සිට ඇති අතර ඊයේ මිය යාමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේදීයි මෙම කාන්තාවට කොරෝනා වැළදී ඇති බවට තහවුරු වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here