Home Hit අරගලයට මුහුණදීමට සූදානම් – දැවැන්ත විරෝධයක් ආවත් චිත්‍රපටය කරනවා

අරගලයට මුහුණදීමට සූදානම් – දැවැන්ත විරෝධයක් ආවත් චිත්‍රපටය කරනවා

501
0

ඉන්දියාවේ දැවැන්ත විරෝධයක් ගොඩනැගුණද තම ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය කෙරෙන දෙමළ චිත්‍රපටය එලෙසම සිදු වන බව ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මහතා පවසයි.

මුරලි මේ බව ප්‍රකාශ කර ඇත්තේ BBC නාළිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.

‘‘මම ක්‍රිකට් ක්‍රීඩාවේ දී පමණක් නොව ජීවිතයේ බොහෝ අවස්ථාවලදී අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. මට බාධක ජය ගැනීමට සිදු වුණා. දැන් මෙය මා මුහුණ දෙන තවත් එක් අභියෝගයක් බවට පත්වෙලා’’ යැයි 48 හැවිරිදි මුරලි බීබීසීයට පවසා ඇත.

මෙම සාකච්ඡාවට අදහස් දක්වන ක්‍රිකට් විචාරකයෙකු වන ඇන්ඩෲ ෆිඩෙල් ප්‍රනාන්දු පවසා ඇත්තේ, මුත්තයියා මුරලිදරන් පිළිබඳව චිත්‍රපටයක් නැරඹීමට තමා නොයිවසිල්ලෙන් බලා සිටන බවය.

ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය කෙරෙන දෙමළ චිත්‍රපටයේ තම චරිතය රඟ දක්වන දකුණු ඉන්දියානු සුපිරි නළුවෙකු වන විජේයි සේතුපතිට එල්ල වන විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් මුරලිදරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, මෙය තමාගේ අරගලයක් මිස විජේයි සේතුපතිගේ අරගලයක් නොවන බවයි.

ඒ හේතුවෙන් එම අරගලයට තමා මුහුණ දෙන බව මුරලි පවසයි.

අවසන් වශයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසන්නේ, මෙම චිත්‍රපටය රූ ගත කිරීම් සිදු වන බවත් එය තමිල්නාඩු නුවරට සීමා නොවන බවත් දෙමළ, සිංහල, හින්දු, බෙංගාලි, තෙලඟු, මලයාලම් යන සියලුම භාෂාවලින් එම චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසි සමග නිෂ්පාදනය වන බවයි.

ශ්‍රී ලංකාව තුළ සිදු වන දේ පිළිබඳ ඉන්දියාවේ ජනතාව දැනුවත් නොමැති බව ද මුරලිදරන් මහතා මෙම සාකච්ඡාවට එක්වෙමින් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here