Home Hit මෙරට වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්

මෙරට වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්

211
0

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණීමේ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව කොළඹ, මහනුවර, පුත්තලම, වවුනියාව, යාපනය ඇතුලු ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම පසුගිය 27 වන දින සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර පැවති ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා අගය පෙන්නුම් කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

මෙම තත්වය සංවේදී පුද්ගලයින් කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට හැකියාවක් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.

මෙලෙස වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය අස්වාභාවික ලෙස ඉහළ යෑමට හේතුව වී ඇත්තේ දිවයින වටා පවතින සුළං ප්‍රවාහය හේතුවෙන් ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වායු දූෂක මෙරට වායුගෝලයට ඇතුලුවීම බවයි එයා විෂුවල් නැමති වෙබ් අඩවිය ප්‍රකාශ කළේ.

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් මේ ආකාරයටම පැවතිය හැකි බැවින්, කුඩා ළමයින්, වැඩිහිටි පුද්ගලයින්, ගර්භනී මාතාවන් සහ ස්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය ඉල්ලා සිටියේ.

මේ හේතුවෙන් අදාළ කණ්ඩායම්වලට හුස්ම ගැනීමේදී යම් අපහසුතාවන් ඇතිවීමටද ඉඩ පවතිනවා.

එහෙයින් මුඛ ආවරණ නිරන්තරයෙන් පළඳින ලෙසටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

ව්‍යායාම්, ක්‍රීඩා කටයුතු වැනි එළිමහනේ වෙහෙසකර කාර්යයන්හි නිරතවීම හැකිතාක් අවම කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here