Home Hit උසස් පෙළ පොදු පරීක්ෂණ විෂයට පෙනී සිටින සිසුන්ට විශේෂ නිවේදනයක්

උසස් පෙළ පොදු පරීක්ෂණ විෂයට පෙනී සිටින සිසුන්ට විශේෂ නිවේදනයක්

343
0

මීට පෙර වර්ෂයක පවත්වන ලද උසස්පෙළ විභාගයකදී සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂයට පෙනී සිට ලකුණු 30 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති විභාග අපේක්ෂකයින්, මෙවර උසස්පෙළ විභාගයේදී එම ප‍්‍රශ්න පත‍්‍රය සදහා නැවත වරක් පෙනී සිටීම අත්‍යවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සදහන් කළේ, මීළග විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවශ්‍යතාවය සදහා පෙර ලබාගත් ලකුණු ප‍්‍රමාණවත් වන බවයි.

මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් බොහෝ දෙනෙකු සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂය සම්බන්ධයෙන් විමසීම හේතුවෙන් අදාළ නිවේදනය නිකුත් කළ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

Image may contain: text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here