Home Hit ජනපතිව විශ්වාසයි – හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගත්තා – ඩයනා ගමගේ

ජනපතිව විශ්වාසයි – හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගත්තා – ඩයනා ගමගේ

580
0

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ, රජයෙන් කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීනී ඩයනා ගමගේ පවසයි.

තමාගේ හෘද සාක්ෂියට එකඟව මෙම තීරණය ගත් බව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව මන්ත්‍රීවරිය මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවාය.

රටේ මුදල් විශාල වශයෙන් වියදම් කරමින් ජනාධිපති කෙනෙකු තොරා පත්කරගැනීමෙන් අනතුරුව ඔහුට වැඩකිරීමට අවශ්‍ය බලය ලබාදිය යුතු බවත් වත්මන් ජනාධිපතිවරයාව තමන්ට විශ්වාස බවත් වැඩිදුරටත් ය සඳහන් කළාය.

ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්,එච්.එම්.එම්. හාරිස් සහ එම්. එස්. තවුෆික් යන විපක්ෂ මන්ත්‍රීවරුන් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද විමසන අවස්ථාවේදී සභා ගැබේ සිටියේ නැහැ.

පසුගිය දිනවල අදාළ පනත් කෙටුම්පත විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

මම හෘදය සාක්ෂියට එකඟ තීරණයක් ගත්තා සජිත් ජනාධිපති වුනා නම් මේ බලය එපා කියයිද? – ප.ම. ඩයනා ගමගේ

මම හෘදය සාක්ෂියට එකඟ තීරණයක් ගත්තාසජිත් ජනාධිපති වුනා නම් මේ බලය එපා කියයිද? – ප.ම. ඩයනා ගමගේ

Posted by Newshub.lk on Thursday, October 22, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here