Home Hit ඇමරිකාව ඉස්සරහ දණගහපු ද්විත්ව පුරවැසියෙක් ගේද්දිම අපි කිව්වා (VIDEO)

ඇමරිකාව ඉස්සරහ දණගහපු ද්විත්ව පුරවැසියෙක් ගේද්දිම අපි කිව්වා (VIDEO)

575
0

ඇමති මණ්ඩලයේ වියදම් ඇතුළු රටේ වියදම් දරාගත නොහැකි විට රටේ සම්පත් විකුණා දැමීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රජය බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ඒ මාහතා මේ අදහස් පළ කර සිටියේ අද දින (22) මාධ්‍ය අමතමින්.

මෙරට ඉඩම්, වෙරළ සහ ඛණිජ සම්පත් මෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන්ද පිටරටට වෙන්දේසි කිරීමේ සූදානමක් පවතින බවද ඊට අවශ්‍ය නෛතික පසුබිම මේ හරහා සැකසෙන බවද ඒ මහතා පවසනවා.

“ලංකාවේ පුරවැසියෙක් මේකට සූදානම් නැත්තන් ඇමරිකන්කාරයෙක් ළඟ දණ ගහපු, ඇමරිකාව රකිනවා කියලා දිවුරුම් දීපු එකෙක් ගෙනල්ලා හරි මේක දෙන්න ඕනෙ. ජනාධිපති මේක කරනකොට අධිකරණයේදී ජනාධිපතිට නඩු දාන්න බැරි වෙන්න ඕන. මේවා විගණනය වෙන එක නවත්තන්න ඕනෙ. අන්න ඒ සකලාංග යොදලා සකස් කරපු සංශෝධනය තමයි විසිවන සංශෝධනය. මේක හදන්නේ අධිරාජ්‍යවාදීන්ගේ මනදොල පුරවන්න.

අන්න ඒ ටික හරියට වෙනවද බලන්න ඇමරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පයෝ එනවා කියන කසුකුසුවක් මේදවස් වල පැතිරෙනවා. ඉන්දියාවට යන ගමන්ලු එන්නේ. මොකටද දන්නෑ එන්නේ? අම්මා අප්පා බලන්නද? බාප්පා බලන්නද කියලා අපිට තේරෙන්නෙ නෑ. ඒත් මේ මහප්පා එද්දි රටේ ජනතාව තේරුම් ගන්න ඕනෙ මේ ගොනා හැරෙන්නේ කොහාටද කියලා. ඇඟිල්ලක් දා ගන්න දුන්නොත් ඔළුවයි කඳයි දාගෙනම තමයි නවතින්නේ” යැයි ඒ මහතා පවසයි.

අම්මා අප්පා විකුණලා හරි ආණ්ඩුවට සල්ලි හොයන්න වෙනවා.

අම්මා අප්පා විකුණලා හරි ආණ්ඩුවට සල්ලි හොයන්න වෙනවා – ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජික – සමන්ත විද්‍යාරත්න

Posted by Newshub.lk on Wednesday, October 21, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here