Home Coronavirus 2020 මිනුවන්ගොඩ Covid-19 ආසාදිත පොකුර 2500 ඉක්මවයි

මිනුවන්ගොඩ Covid-19 ආසාදිත පොකුර 2500 ඉක්මවයි

134
0

Covid-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 57 දෙනෙකු ඊයේ රාත්‍රියේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා.

එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් එක් අයෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 56 දෙනා ආශ්‍රිතයින් වනවා.

ඊයේ දිනයේ දී රාත්‍රී 9.30 වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 166ක් වන අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2510 ක් වනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5977ක් වන අතර ඉන් සම්පුර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3501ක් වනවා.

මේ වන විට රෝහල් තුළ ප්‍රතිකාර ලබන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2463ක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here