Home Coronavirus 2020 කොරෝනා ව්‍යාප්තිය සමාජ ව්‍යාප්තියක් අභියස – GMOA

කොරෝනා ව්‍යාප්තිය සමාජ ව්‍යාප්තියක් අභියස – GMOA

304
0

මේ වන විට දිස්ත‍්‍රික්ක 21කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් ඇති බවත් උප පොකුරු ගණනාවක් බිහිවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඇතැම් පොකුරු මිනුවන්ගොඩ සබඳතාවක් පෙන්නුම් කළත් ඇතැම් පොකුරු ආරම්භ වූයේ කෙසේදැයි සම්බන්ධතාවයක් සොයාගත නොහැකි තත්වයකට පැමිණ තිබෙන බව එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

ඒ අනුව සමාජය තුළින් අහඹු ලෙස ආසාදිතයන් හමුවෙමින් ඇති බවත් එය බරපතළ තත්ත්වයක් බව ඒ මහතා පෙන්වා දෙයි.

අද වෙන විට මෙරට කොරෝනා ව්‍යාප්තිය සමාජ ව්‍යාප්තියක් අභියස තිබෙන බවද ඔහු කියා සිටියේය.

එනිසා මේ මොහොතේ සිදු කල යුත්තේ රට වැසීම නොව ප්‍රදේශ සම්බන්ධයෙන් නිවැරදි තීන්දු ගැනීම බවද ඔහු පැවසීය.

Posted by Government Medical Officers' Association on Wednesday, October 21, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here