Home Coronavirus 2020 කහතුඩුව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ දෙවැනි කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

කහතුඩුව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ දෙවැනි කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

281
0

කහතුඩුව ඇඟළුම් කර්මාන්ත ශාලාවේ දෙවෙනි කොරෝනා ආසාධිත රෝගියා අද දින (21) වාර්තා වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඒ හේතුවෙන් එම සේවකයා පදිංචි තලගල ප්‍රදේශයේ නිවස ඇතුළු නිවාස පහක් හා වෙළඳසැල් හයක පිරිස් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත් බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසා සිටියි

ඇඟලූම් ආයතනයේ පළමු ආසාදිත වූ සාත්තු සේවිකාවකට ඉකුත් 17 වැනි දින කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වීමෙන් ඇය සමග ඉකුත් 3 වෙනි දින සිට 15 වෙනි දින දක්වා සමීපව කටයුතු කළ පළමු ආශ්‍රිතයන් වන එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 365 දෙනෙක් පි සි ආර් පරීක්ෂණ වලට භාජනය කිරීමට පාලනාධිකාරිය විසින් කටයුතු කෙරිණි.

එහිදී කිසිදු සේවක සේවිකාවකට කොරොනා වෛරසය ආසාදිත වී නොමැති බවට අනාවරණය විය. මේ සමග දෙවැනි ආසාදිත සේවකයා සේවය කළ අංශයේ සේවක සේවිකාවන් 52 ඔවුන්ගේ නිවෙස් වල ස්වයං නිරෝධායනය ට යොමු කිරීමට පාලන අධිකාරිය විසින් කටයුතු යොදා තිබිණි.

ඔවුන්ගේ ලිපිනයන් ඔස්සේ ඒ ඒ ප්‍රදේශ හඳුනාගෙන සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගන්නා බව කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here