Home Coronavirus 2020 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක හිමිකරුවෙකුට කොවිඩ්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක හිමිකරුවෙකුට කොවිඩ්

160
0

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැළක හිමිකරුවෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ ඒ හේතුවෙන් අදාළ වෙළෙඳසැළේ සේවකයින් 15 දෙනෙකු නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බවය.

ආසාදිත පුද්ගලයා වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර පසුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමේ දී සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයා මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගනිමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here