Home Coronavirus 2020 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 49 කට කොරෝනා

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 49 කට කොරෝනා

306
0

පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට Covid-19 වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (19) දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීම නිසා ඔවුන් ආගිය ස්ථානයක් ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය හඳුනා ගත් බැවින් වසංගත රෝග විද්‍යා අංශයෙන් සිදුකළ දැනුම් දීමක් මත පෙරේදා (19) දිනයේදී එහි විවිධ කේෂ්ත්‍රවල රැකියා කටයුතු කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන PCR පරීක්ෂණ සිදුකර ඇත.

එම PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව මෙලෙස පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

මෙලෙස කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග එම මත්ස්‍ය වෙළඳපොල තාවකාලිකව වසා දමා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here