ශ්රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කල්තැබීමේ විවාදයක් අනිද්දා (23දා) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ කොවිඩ් 19 සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විවාදයක් සඳහා යෝජනා කරන ලදි.
ඉන් අනතුරුව අද පස්වරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම විවාදය පැවැත්වීමට දින නියම කර තිබේ.
The Committee on Parliamentary Business decided to conduct an adjournment debate on #COVID19 on 23rd Friday, 2020 #SLparliament #lka #9thparliamentLK
— Parliament of Sri Lanka (@ParliamentLK) October 21, 2020