Home Hit විස්සේ සංශෝධන සොයන්න සමගි ජන බලවේගයෙන් කමිටුවක්

විස්සේ සංශෝධන සොයන්න සමගි ජන බලවේගයෙන් කමිටුවක්

87
0

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන සංශෝධන පිළිබඳව සොයා බැලීම සඳහා සමගි ජනබලවේගයෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ හෙට දිනයේ අදාළ කමිටුව විසින් ඒ පිළිබඳව සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවය.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනිමට පියවර ගන්නා බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

විපක්ෂයක් ලෙස එක්ව 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජයට පත්කිරීමට සෑම උත්සහයක්ම ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා ඒකමතිකව 20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමට එකඟතාව පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here