Home Hit 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට – විවාදය හෙට සහ අනිද්දා

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට – විවාදය හෙට සහ අනිද්දා

147
0

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පසුගිය 10 වනදා කතානායකවරයා වෙත යොමුකර තිබුණි.

කැබිනට් අනුමැතිය හිමිවූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සැප්තැම්බර් මස 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක් විවිධ පාර්ශව විසින් ගොනු කරනු කළ අතර ඊට අදාළ පෙත්සම් විභාගය පසුගිය 5 වන දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යොමුකිරීමට කටයුතු කළේය.

අදාළ තීන්දුව අද (20) උදෑසන පෙරවරු 10.00 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊට අදාළා විවාදය හෙට (21) සහ අනිද්දා (22) පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් අනතුරුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටද නියමිත බව සඳහන් වේ.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඉදිරි කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මතය අනුව සිදුකෙරෙනු ඇති බව මාතර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතානායන මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here