Home Court 2010දි අත් අඩංගුවට ගත් ජිනා මැඩම්ට අත්හිටවූ සිර දඬුවම්

2010දි අත් අඩංගුවට ගත් ජිනා මැඩම්ට අත්හිටවූ සිර දඬුවම්

562

කාන්තාවන් පස්දෙනෙකු ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුලු අධිචෝදනා 05 කට වරදකරු වූ රෝස් මේරි ෆිලීෂියා පෙරේරා හෙවත් ‘ජීනා මැඩම්’ නැමති කාන්තාවට කොළඹ මහාධිකරණය, අද (19) බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළා.

එය වසර 10 කට අත්හිටවූ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල ඇයට ලක්ෂ පහක දඩයක් නියම කිරීමටයි නියෝග කරනු ලැබුවේ.

ගොනුකරන ලද අධිචෝදනා පහට වරද පිළිගත් විත්තිකාරියගේ වයෝවෘද්ධ භාවය සළකා බලා ලිහිල් දඬුවම් ලබාදෙන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ගොඩනැගිල්ලක ඔත්තුකරුවන් යොදා දැඩි ආරක්ෂිත රැකවල් යටතේ පවත්වාගෙන ගිය අදාළ ගණිකා නිවාසය 2010 වසරේ වැටලූ පොලීසිය, රෝස් මේරි ෆිලීෂියා පෙරේරා හෙවත් ‘ජීනා මැඩම්’ ඇතුලු හයදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here