Home Hit අසල්වැසියෙකු මුහුණට රතිඤ්ඤා දැමීමෙන් දරුවෙකුට බරපතල තුවාල (VIDEO)

අසල්වැසියෙකු මුහුණට රතිඤ්ඤා දැමීමෙන් දරුවෙකුට බරපතල තුවාල (VIDEO)

383
0

රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ අසල්වැසි දෙපිරිසක් අතර ඊයේ ඇතිවූ ආරවුලකින් අනතුරුව ඉන් එක් නිවසක පුද්ගලයෙක් අනෙක් නිවසේ දරුවෙකුගේ මුහුණට දැල්වූ රතිඤ්ඤා දමා තිබෙනවා.

ඒ එම නිවසේ දෙමාපියන් නොමැති අවස්ථාවකදී.

ඉන් බරපතල තුවාල ලැබූ දරුවා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර සැක කරු මේ වන විට පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නිවිතිගල පොලිසිය විසින් මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here