Home Coronavirus 2020 බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ව්‍යාප්ත වුනේ ජනතාවගේ වරදින් – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ව්‍යාප්ත වුනේ ජනතාවගේ වරදින් – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

919
0

කොවිඞ් 19 සමාජ ගත වීම වැලැක්වීම සඳහා තීරණාත්මක සාධකය වන්නේ මහජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන බව මවුරට වාර්තා කරනවා.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප‍්‍රධානම හේතුවක් වන්නේ මහජනතාවගේ අනාරක්ෂිිත හැසිරීම් රටාව බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පෙන්වා දෙන්නේ.

” වර්ථමාන කොවිඩ් පොකුර තමයි ශ්‍රී ලංකාවේ ඇතිවූ ලොකුම පොකුර. ඒකට හේතු කිහිපයක් දක්වන්න පුළුවන්. පළමුවෙනි කාරණාව තමයි ලංකාවේ සාමාන්‍ය ජනතාව සැලකිල්ලක් දක්වන්නේ නැතුව හැසිරුණු එක. මොන තරම් උපදෙස් දුන්නත් තමන් සෑම අවස්ථාවකම ආරක්ෂා සහිතව සිටිය යුතුයි යන සුදානම ඔවුන් තුල තිබුනේ නැහැ. මේ පොකුරේ ආරම්භය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව උනත් එය ව්‍යාප්තවී ඇති ආකාරය ගැන සොයා ගෙන යාමේදී මහජනතාව සෞඛ්‍යාරක්ෂිත භාවය අඩුවෙන් ක්‍රියා කිරීම ඊට හේතුවක් කියලා පෙනී යනවා.

ජනතාව තවදුරටත් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළහොත් ඉදිරියේදී කොරෝනා සමාජ ගතවී ඇති බවට නිවේදනය කිරීමට සිදුවෙනු ඇති. ඒ වගේම මොන තරම් නීති ගෙනාවත් මෙම වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. ඒ නිසා සියලු දෙනාම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමයි වැදගත් වන්නේ.” යැයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here